Thursday, March 28, 2024

General line - 0115112241

මාලිංගගේ තීරණාත්මක අවසන් පන්දුවාරයේ පන්දු යැවීමේ වේගය ගැන ලොව පුරා කතා කරයි

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ලසිත් මාලිංග කි‍්‍රයාත්මක කළ ජයග‍්‍රාහී අවසන් පන්දු වාරය සම්බන්ධයෙන් මේ වනවිට ලොව පුරා අවධානය යොමු වී තිබෙනවා.

ඊට ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ එම පන්දු වාරයේ පළමු පන්දු 05, ලසිත් මාලිංග පැයට කිලෝමීටර් 140කට වඩා වැඩි වේගයකින් යොමු කිරීමයි.

දෙවන පන්දුව ඔහු පැයට කිලෝමීටර් 143 ක වේගයකින් යොමු කළා.

කඩුල්ලක් දැවී ගිය තීරණාත්මක අවසන් පන්දුව ඔහු යොමු කළේ පැයට කිලෝ මීටර් 112.3 ක වේගයකින්. ලසිත් මාලිංග මෙලෙස කි‍්‍රකට් පිටියේදී අඛණ්ඩව පැයට කිලෝ මීටර් 140කට වඩා වැඩි වේගයකින් පන්දු යැවූ මෑත ඉතිහාසයේ ආසන්නතම අවස්ථාව මෙය ලෙසටද පැවසෙනවා.