Friday, April 19, 2024

General line - 0115112241

පුහුණුකරුවෙකු ලෙස චමින්ද වාස් පත් කෙරේ

කසුන් කැළුම්




ශී‍්‍ර ලංකා නැගී එන කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස චමින්ද වාස් පත්කර තිබෙනවා.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා නෙත් ස්පෝට්ස්මන් වෙත පැවසුවේ, එම ධුරයෙන් ඉවත් කෙරුණු අවිශ්ක ගුණවර්ධන වෙනුවට චමින්ද වාස් පත්කළ බවයි.

එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ පැවැති T10 තරගාවලියේදී ICC යේ දූෂණ විරෝධි නීති උල්ලංඝණය කළ බවට අවිශ්ක ගුණවර්ධනට චෝදනා එල්ල වුණා. ඒ අනුව ඔහු ශී‍්‍ර ලංකා නැගී එන කණ්ඩායමේ පුහුණුකරු ධුරයෙන් ඉවත් කිරීමටයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කළේ.

කෙසේ වෙතත් ඊට එරෙහිව තමන් නීතිමය පියවර ගන්නා  බව ඊයේ (13) මාධ්‍ය හමුවක් කැඳවමින් අවිශ්ක ගුණවර්ධන කියා සිටියා.