Friday, March 29, 2024

General line - 0115112241

පැපුවා නිව්ගිනියාවට සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක්

දිනුක් හේවාවිතාරණ




පැපුවා නිව්ගිනියාවට ආසන්නයේ සිදුවූ රිච්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලත්වයෙන් භුමිකනයක් හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනය පැසිෆික් කලාපයේ ඊසාන දෙසින් පිහිටි සොලමන් දුපත් ඇතුළු ප්‍රදේශ කිහිපයකට බලපාන බවයි අමෙරිකා කාලගුණ විද්‍යා ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

ඒකක 7.7ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවේ සිදුවූ කොකොපෝ වෙරළ කලාපයේ සිට කිලෝමීටර් 1000ක වපසරියෙන් යුත් ප්‍රදේශයකට සුනාමි රළ පහරවල් ඇති වනු ඇති බවයි අමෙරිකානු කාලගුණ ඒකකය සදහන් කරන්නේ.

මෙම භූමිකම්පාව හේතුවෙන් සිදුව ඇති බව කියන දේපල හා ජිවිත හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තාවී නොමැති අතර පැපුවා නිව්ගිනියාවේ ප්‍රදේශ රැසක ජනතාව බියෙන් ඇලලී සිටින බවයි එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා කර සිටියේ.