Saturday, April 20, 2024

General line - 0115112241

වයඹ කලහකාරි සිදුවිම් වලට සම්බන්ධ සැකකරුවන් 78ක් අත්අඩංගුවට

දිනුක් හේවාවිතාරණ




වයඹ පළාතේ ඉකුත්දා ඇතිවු කලහකාරි සිදුවිම් සම්බන්ධයෙන් සැකකරුවන් 78 දෙනෙකු අත් අඩංගුවට ගැනිමෙන් අනතුරුව බන්ධනාගාර ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කරනවා.

එලෙස අත් අඩංගුවට ගනු ලැබු සැකකරුවන්ව මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

කුරුණෑගල, කුලියාපිටිය, නිකවැරටිය සහ හලාවත ප්‍රදේශවලදි එම සැකකරුවන් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

ඉදිරියේදි මෙම සිද්ධි වලට අදාල සැකකරුවන්ව දැනට ලැබි ඇති විඩ්යෝ දර්ශන උපයෝගි කර ගනිමින් අත් අඩංගුවට ගැනිමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කර සිටියේ.