Saturday, April 20, 2024

General line - 0115112241

පුද්ගලයින් තිදෙනෙකුට දිවි අහිමි කළ දඹුල්ලේ මාරක රිය අනතුර (PHOTOS)

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




දඹුල්ල කැකිරාව ප්‍රධාන මාර්ගයේ මඩාටුගම ප්‍රදේශයේ දී අද (15) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තුන් දෙනෙකු මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කළ බව කැකිරාව පොලීසිය කියයි.

වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම මාරක රිය අනතුර සිදුව ඇතැයි පොලීසිය සඳහන් කළේය.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරු සහ වෑන් රථයෙන් පැමිණි කාන්තාවක් සහ කුඩා දියණියක් බව දඹුල්ල රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

තුවාල ලැබූවන් අතර භික්ෂූන් වහන්සේ නමක් ද වීම විශේෂත්වයකි. ලොරි රථයේ රියදුරුද තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ

මෙසේ අනතුරට පත්ව ඇත්තේ මාතලේ මහවෙල පොලිස් බල ප්‍රදේශයේ කවටයාමුන ප්‍රදේශයේ පදිංචිකරුවෝ බව පොලීසිය කියයි.
 
මෙම පිරිස අනුරාධපුර ජයසිරි මහා බෝධීන් වහන්සේට පූජාවක් පවත්වා නැවත නිවෙස් කරා ගමන් කරමින් සිටිය දී අනතුර සිදුව තිබේ.