Thursday, April 25, 2024

General line - 0115112241

ඩෑන් පි‍්‍රයසාද්ට ඇප

අධිකරණ වාර්තාකරු




ජාතික සමගියට බාධා වන ආකාරයට කටයුතු කිරීමේ චෝදනාව මත ඊයේ අත්අඩංගුවට ගැනුණු සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් පි‍්‍රයසාද් ඇප මුදා හැරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කළා.

සැකකරු මුදා හැරුණේ රුපියල් ලක්ෂ 05 බැගින් වූ පුද්ගලික ඇප 02ක් මතයි. 

මේ අතර ඊයේ අත්අඩංගුවට ගැනුණු දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර වැඩිදුර පරීක්ෂණ සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.