Friday, March 29, 2024

General line - 0115112241

ඌව වෙල්ලස්ස සහ සබරගමුව විශ්ව විද්‍යාල වල අධ්‍යයන කටයුතු 21දා ඇරඹෙයි

සමන්ත කුමාර




ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සියලූම පීඨවල අධ්‍යයන කටයුතු මැයි මස 21වනදා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්තලාල් රත්නසේකරගේ අත්සනින් නිකුත් කෙරුණු නිවේදනයක ඒ බව සඳහන්.

මැයි මස 20වනදා උදෑසන 08 සිට ශිෂ්‍ය නේවාසිකාගාර විවෘත කර ඇති අතර සියලූම නේවාසිකාගාර සිසුන් එදිනට නේවාසිකාගාර වෙත පැමිණිය හැකි බව ද එම නිවේදනයේ දැක්වෙනවා.

ශ‍්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ සියලූම පීඨයන්හි අධ්‍යයන කටයුතු ද මේ මස 21වනදා ආරම්භ කෙරෙනවා.

නේවාසිකාගාර පහසුකම් හිමි සියලූම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මැයි මස 20වනදා නේවාසිකාගාර වෙත පැමිණිය හැකි බවයි එම විශ්ව විද්‍යාලයේ ලේකඛාධිකාරීවරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.