Friday, April 19, 2024

General line - 0115112241

සංචාරක ක්ෂේත්‍රයට දුන් සහන ගැන ආණ්ඩුවෙන් පැහැදිළි කිරීමක්

හේරත් ඒකනායක - මහනුවර




පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් බිඳ වැටී ඇති මෙරට සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රය මෙම වසර තුළදීම යථාතත්ත්වයට පත් කිරීමට රජය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න පවසනවා. මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

කඩාවැටී ඇති සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රය වෙනුවෙන් සහන සැලසීමේදි රජය සහන ලබා දී ඇත්තේ මහාපරිමාණ ව්‍යාපාරිකයින්ට පමණක් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදි ප්‍රශ්න කළා. ඊට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.