Thursday, April 25, 2024

General line - 0115112241

මෙවර වෙසක් වෙනුවෙන් සිරකරුවන් 762 දෙනෙකුට නිදහස

නිශාන් ද සිල්වා




මෙවර වෙසක් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 762 දෙනෙකු නිදහස් කරන බව අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසනවා.

බන්ධනාගාර ඉතිහාසයේ ජනාධිපති පොදු සමාව යටතේ එකවර මුදා හැරෙන වැඩිම සිරකරුවන් සංඛ්‍යාවද මෙය වන බවයි එම අමාත්‍යාංශය පැවසුවේ. 

නිර්දේශිත සියළු සිරකරුවන් වැලිකඩ බන්ධනාගාරයට රැුගෙනවිත් ඔවුන් එහිදී නිදහස් කිරීමටද සැලසුම් කර තිබෙනවා.

ඒ වෙනුවෙන් වෙසක් පුරපසලොස්වක පොහොය දින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් උත්සවයක්ද පැවැත්වීමට නියමිතයි. මීට පෙර මෙවැනි විශේෂ අවස්ථාවන්හිදි සිරකරුවන් නිදහස් කිරීම ඔවුන් රදවා සිටින බන්ධනාගාරයේදීම සිදුවුණා.

මෙවර නිදහස ලබාදීමට නිර්දේශිත සිරකරුවන්ගෙන් 26 දෙනෙකු කාන්තාවන් බවයි අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ. මිනීමැරුම්, ස්තී‍්‍ර දූෂණ, බාල අපරාධ හා මත්ද්‍රව්‍ය වැනි බරපතල අපරාධ සදහා දඩුවම් ලබාසිටින සිරකරුවන් හැර සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින තැනැත්තන් මෙලෙස නිදහස් කෙරෙනවා.