Thursday, April 18, 2024

General line - 0115112241

විසුරුවා හැරුණු දකුණු පළාත් සභාව විශේෂ සමුළුවකට යළි රැස්වන සූදානමක

රවින්ද්‍ර චන්ද්‍රලාල්/ලලිත් චාමින්ද




විසුරුවා හැර ඇති දකුණු පළාත් සභාවේ පක්‍ෂ විපක්‍ෂ සියළු හිටපු මන්තී‍්‍රවරුන් කැදවා විශේෂ සමුළුවක් පවත්වන්නැයි එම හිටපු මන්තී‍්‍රවරුන්ගෙන් පිරිසක් දකුණු පළාත් සභාවේ හිටපු සභාපති සෝමවංශ කෝදාගොඩගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

රටේ පවතින ව්‍යාකූල තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කිරීමට දකුණු පළාත් සභාවේ හිටපු මන්තී‍්‍රවරුන්ගේද දායකත්වය ලබාගැනීම එහි අපේක්‍ෂාවයි. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් දකුණු පළාත් සභාවේ හිටපු සභාපති සෝමවංශ කෝදාගොඩගෙන්ද විමසීමක් කළා. ඔහු පැවසුවේ ලබන 21 වනදා මෙම විශේෂ සමුළුව පැවැත්වීමට අදහස් කරන බවයි.