Friday, March 29, 2024

General line - 0115112241

විමර්ශනවලදී සිදුවූ දේශපාලන ඉල්ලීමක් හමුදාපති හෙළි කරයි




ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගෙන් ලැබුණු දුරකතන ඇමතුමක් පිළිබද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක අද අනාවරණ කළා.

ඒ, අමාත්‍යවරයාට එරෙහිව මන්තී‍්‍රවරුන් පිරිසක් කතානායකවරයා වෙත අද භාරදුන් විශ්වාසභංග යෝජනාවේ ඇතුළත් කරුණු පිළිබද මාධ්‍යවේදීන් කළ විමසීමකදීයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සම්බන්ධයෙන් අමාත්‍යවරයා කළ ඉල්ලීම කුමක් දැයිද මාධ්‍යවේදීන් මෙහිදී ප‍්‍රශ්න කළා.

අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මෙම ඉල්ලීම කළේ දෙහිවලදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් බවද යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මෙහිදී කියාසිටියා.

මේ අතර අන්තවාදය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අමාත්‍ය රිෂාඞ් බදියුදීන් විසින් සිදුකළ බව කියන තවත් බලපෑමක් පිළිබද පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායකද අද අනාවරණ කළා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක එම අදහස් පළ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීයි.