Wednesday, April 24, 2024

General line - 0115112241

රසල් ආනල්ඩ්ගේ පුටුව සංගා උදුරා ගනියි




මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ කි‍්‍රකට් විස්තර විචාරයන් සඳහා එක්වන විස්තර විචාරකයින් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. මෙවර ඒ සඳහා ශී‍්‍ර ලංකාවෙන් එක් අයෙකුට පමණක් අවස්ථාව හිමිව තිබීම විශේෂත්වයක්. 

ශ‍්‍රී ලංකාව වෙනුවෙන් එම අවස්ථාව හිමිව ඇත්තේ කුමාර් සංගක්කාරට පමණයි. රසල් ආනල්ඞ්ට සහ රොෂාන් අබේසිංහට මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමිව නැහැ. 

මෙවර කි‍්‍රකට් විස්තර විචාර කටයුතු සඳහා කාන්තාවන් තිදෙනෙකු ද එක්ව සිටිනවා. එංගලන්තයේ සහ වේල්සයේ පැවැත්වෙන මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය ලබන 30 වනදා ආරම්භ වීමට නියමිතයි.