Tuesday, March 19, 2024

General line - 0115112241

ප්‍රතිපත්ති පුජාවලට මුල් තැන දෙමින් නෙත් එෆ් එම් ශ්වේත පුජා වැඩසටහන බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරස්ථානයේදී




ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් අද රටපුරා සම්බුදු තෙමඟුල සැමරෙනවා. වෙසක් පුර පසළොස්වක පොහෝදා නෙත් එෆ් එම් රේඩියෝවේ ශ්වේත පූජා වැඩසටහන අද පැවැත්වෙන්නේ බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදීයි. එහි නවතම තොරතුරු නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්ගෙන්. 

 

මේ අතර ඉකුත් දිනවල විවිධ නොසන්සුන්තා හට ගැණුනු මිනුවන්ගොඩ ප්‍රදේශයේ ද මෙවර වෙසක් සැමරුම් වැඩි වශයෙන් දක්නට ලැබුණු බවයි ක්ෂේත්‍ර චාරිකාවක නිරත වූ නෙත් නිවුස් කණ්ඩායම පැවසුවේ. මේ, ඒ පිළිබඳ තොරතුරු ගෙන එන නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු තරංග රුක්ෂාන් ජයසේකර. 

 

 

.........................................................

ශ්වේත පූජා ඇරඹේ (UPDATE)

වෙසක් පුර පසළොස්වක පෝදා නෙත් එෆ් එම් රේඩියෝවේ ශ්වේත පූජා වැඩසටහන බණ්ඩාරවෙල ශී‍්‍ර පුෂ්පාරාම මහා විහාරස්ථානයේදී අද දවස පුරා පැවැත්වෙනවා. 

පෙරවරු 6ට උවැසි උවැසියන් අටසිල් සමාදන් කරවීමෙන් එම පිංකම් මාලාව ආරම්භ කෙරුණා. ධර්ම දේශණා, සම්බුද්ධ පූජා, ආශිර්වාද පූජා ඇතුළු පිංකම් රාශියක් අද දිනය පුරා එම විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. එම වැඩසටහන් නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ සජීවීව විකාශය කිරීමටද කටයුතු යොදා තිබෙනවා. 

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමයේ ලේකම් පදුම විමලසූරිය.

........................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................

නෙත් එෆ් එම් ශ්වේත පූජා වැඩසටහන බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම මහා විහාරස්ථානයේදී (17-05-2019, 21:34)

වෙසක් පුර පසලොස්වක පොහොදා නෙත් එෆ් එම් රේඩියෝවේ ශ්වේත පූජා වැඩසටහන බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම මහා විහාරස්ථානයේදී පැවැත්වෙනවා. ඒ සදහා පවතින සූදානම පිළිබද තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ කරගත්තා නෙත් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාර.