Friday, March 29, 2024

General line - 0115112241

ලංකා බැංකුවේ වෙසක් පෝදා පිංකම් මාලාව හෙට ඇරඹේ




සම්බුදු තෙමගුල නිමිති කර ගනිමින් ලංකා බැංකුවේ බෞද්ධ සංගමය පිංකම් මාලාවක් සංවිධාන කර තිබෙනවා. ඒ යටතේ සංවිධාන කෙරුණු සීල ව්‍යාපාරයක් හෙට (17) ලංකා බැංකු මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

වාර්ෂිකව සංවිධාන කරන මෙම සීල ව්‍යාපාරය මෙවර පැවැත්වෙන්නේ 55 වන වරටයි. මෙම පිංකම් මාලාව යටතේ සංවිධාන කෙරුණු බැති ගී ප්‍රසංගයක් ඉකුත් බ්‍රහස්පතින්දා පැවැත්වුණා.