Wednesday, June 26, 2019
Hotline - 0770586666

යුද්ධයෙන් මියගිය දමිල ජනතාවට සාධාරණයක් ඉටුවිය යුතුයි - උතුරේ හිටපු මහ ඇමති (PHOTOS)

මාධව කුලසූරිය -වවුනියාව

1994Views

 

 

 



යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාවට සාධාරණය ඉටු විය යුතු බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් පවසනවා. යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීමේ 10වන සැමරුම් උත්සවය අමතමින් ඔහු මේ බව සදහන් කළා. විවිධ අපරාධ සම්බන්ධයෙන් රජය සාධාරණ පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි ඔහු මෙහිදී කියා සිටියේ. 

මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළ තීරයේ පැවති මෙම සැමරුම් උත්සවයට යුද්ධයෙන් මියගිය පුද්ගලයින්ගේ ඥාතීන්, ආගමික නායකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් ද එක්ව සිටියා. සැමරුම් උත්සවය අමතමින් හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ ශිවාජිලිංගම් පැවසුවේ යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාවගේ ආත්මයට ශාන්තිය පතා මෙම සැමරුම් උත්සවය සංවිධාන කළ බවයි. 

පවතින ආරක්ෂක තත්වය හමුවේ වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළ තීරයේ පැවති මෙම සැමරුමට ද දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබුණා.