Friday, March 29, 2024

General line - 0115112241

පළමු තරගය අතහැර දැමේ - දෙවන තරගයට සූදානම් වෙයි

කසුන් කැළුම්




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්තය අතර පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් ඊයේ (18) අතහැර දැමුනා.

එඩින්බරෝහි මෙම තරගය පැවැත්වීම සඳහා කි‍්‍රඩාංගණයේ සේවකයන් දැඩි උත්සාහයක නිරත වුවද දිගින් දිගටම ඇද හැලූනු වර්ෂාව හේතුවෙන් එය ව්‍යර්ත වුණා.

අවස්ථා කිහිපයකදී විනිසුරුවන් පිටිය පරීක්ෂා කළ අතර එහිදී ඔවුන් පැවසුවේ මෙම තරගයේ එක් ඉනිමක් පන්දුවාර 20කට සීමා කිරීමට සිදුවන බවයි.

කෙසේ වෙතත් තරගයට වර්ෂාවෙන් දිගින් දිගටම බාධා එල්ලවීම නිසා තරගය අතහැර දැමීමට මෙහිදී තීරණය කෙරුණා. ශී‍්‍ර ලංකා ස්කොට්ලන්ත දෙවන එක්දින කි‍්‍රකට් තරගය අනිද්දා (21) පැවැත්වීමට නියමිතයි.