Tuesday, March 19, 2024

General line - 0115112241

නාවික හමුදා රණවිරු සැමරුම වැලිසරදී අභිමානවත්ව සැමරේ (PHOTOS)




නාවික හමුදා රණවිරු සැමරුම නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් වැලිසර පිහිටි රණවිරු ස්මාරකය අභියසදී අද (19) පැවැත්වුණා. එහිදී දිවිපිදූ නාවික හමුදා රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්ප උපහාර දැක්වීමක්ද සිදු කෙරුණු බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

දිවි කැප කළ රණවිරුවන් වෙනුවෙන් මෙහිදී විනාඩි 02ක නිශ්ෂබ්දතාවක්ද පැවැත්වුණා. මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවය අද පස්වරුවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී අද පැවැත්වෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.