Saturday, April 20, 2024

General line - 0115112241

හොලිවුඩ් සුපිරි නළුවාට එල්ලවූ "පා පහර" (VIDEO)

දිනුක් හේවාවිතාරණ




දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ක්‍රීඩා තරගාවලියකට සහභාගිවෙමින් සිටි සුපිරි හොලිවුඩ් ක්‍රියාදාම නළු ආර්නෝල්ඩ් ස්වසැන්ගර්ට අනපේක්ෂිත ප්‍රහාරයකට මුහුණ දීමට සිදුවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

තරගාවලියට සහභාගිවෙමින් සිටි ක්‍රීඩකයින් දිරිමත් කරමින් සිටි ආර්නෝල්ඩ් ස්වසැන්ගර් සමග සෙල්ෆි ජයාරූප ලබා ගැනීමට පැමිණ සිටි තරග නරඹන්නන් කිහිප දෙනෙක් සමග ඔහු ජයාරූප ගනිමින් සිටියදි එකවර ඔහුගේ පසු පසින් දිව ආ පුද්ගලයෙක් උඩ පැන එල්ල කල පා පහරකින් සුපිරි හොලිවුඩ් නළුවා විමතියට පත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

අනපේක්ෂිත අයුරින් එල්ලවූ මේ ප්‍රහාරයත් සමග ආර්නෝල්ඩ් ස්වසැන්ගර් හට කිසිදු අනතුරක් සිදුනොවූ අතර පහරදීම සිදුකළ පුද්ගලයා ඔහුගේ ආරක්ෂකයින් විසින් අල්ලා ගැනීමෙන් අනතුරුව පසුව පොලිසියට භාරදී දුන් බව මාධ්‍ය වාර්තා කර සිටියා.

මේ වන විට 71ක් හැවිරිදි වියේ පසුවන අතර ඉකුත් වසරේදී ඔහුට හෘද වස්තුවේ ශල්‍යකර්මයක් සිදුකරනු ලැබුවා.