Friday, March 29, 2024

General line - 0115112241

වෙසක් සමරා රටපුරා අදත් විවිධ පිංකම්

ටී කේ මහින්ද / එම් කේ නන්දසේන




වෙසක් පොහොය නිමිති කරගනිමින් රටපුරා බොහෝ ප්‍රදේශවල අදත් විවිධ ක්‍රියාකාරකම් සංවිධාන කර තිබෙනවා. වෙනත් වසරවලදී මෙන් නගරාශ්‍රිත වෙසක් සැමරුම් සුලබව දක්නට නැතත් ග්‍රාමීය මට්ටමින් වෙසක් සැමරුම් බොහෝ ස්ථානවල සංවිධාන වී තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ. ඊයේ (18) මෙන්ම අදත් (19) විහාරස්ථාන ආශ්‍රිතව ද බොහෝ පිරිස් දැකගත හැකියි.

එහිදී ද නගරාශ්‍රිත විහාරස්ථානවලට වඩා ග්‍රාමීය විහාරස්ථානවල පිරිස් වැඩි වශයෙන් පිංකම්වල යෙදී සිටීම විශේෂත්වයක් වී තිබෙනවා.  මේ, නෙත් නිවුස් මාතර වාර්තාකරු ටී කේ මහින්ද. 

වෙසක් සැමරුම් සිදු කෙරෙන ආකාරය සොයා බැලීම සඳහා නෙත් නිවුස් කතරගම වාර්තාකරු එම් කේ නන්දසේන ද අද ක්ෂේත්‍ර චාරිකාවක යෙදුණා. 

මේ අතර අරලියගහ මන්දිරයේ ද අද පස්වරුවේ විශේෂ බෝධි පූජාවක් සංවිධාන කර තිබෙනවා.