Friday, March 29, 2024

General line - 0115112241

අද සිදු වූ සයිබර් ප්‍රහාරය ගැනත් කලින් ඉඟි ලැබී තිබුණු බවට තොරතුරු

ඩිල්ෂාන් මඩවල




ශ්‍රී ලංකාවේ කුවෙට් තානාපති කාර්යාලයේ සහ ඩොට් කොම් හා ඩොට් එල් කේ තවත් ශ්‍රී ලාංකික වෙබ් අඩවි කිහිපයකට සිදු වූ සයිබර් ප්‍රහාරය කවුරුන් විසින් සිදු කළේදැයි තහවුරු කර ගැනීමට තවදුරටත් විමර්ශන සිදු කෙරෙනවා. ප්‍රහාරයට ලක්වූ වෙබ් අඩවි යථාවත් කිරීමේ කටයුතු ද තවදුරටත් සිදු කෙරෙන බවයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසන්නේ. 

මේ, එහි තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල. 

මේ අතර ශ්‍රී ලංකා පරිවර්තන සමූහය පවසන්නේ මෙම සයිබර් ප්‍රහාරය “ටැමිල් ඊලාම් සයිබර් ෆෝස්” නමැති කණ්ඩායමක් විසින් සිදු කළේ යැයි අනුමාන කරන බවයි. ශ්‍රී ලංකා හමුදාවන් යුද අපරාධ සිදු කළේ යැයි චෝදනා කිරීමේ අදහසින් මෙම සයිබර් ප්‍රහාරය සිදුකර ඇතැයිද ඔවුන් සැක පළ කරනවා. මේ, ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන ශ්‍රී ලංකා පරිවර්තන සමූහයේ සභාපති රජීවි යසිරු. 

මෙවැනි ප්‍රහාරයක් ශ්‍රී ලංකාවේ වෙබ් අඩවිවලට එල්ල වනු ඇතැයි කල් ඇතිව ඉඟි ලැබී තිබුණු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

කල් ඇතිව ඉඟි ලැබී තිබියදීත් ප්‍රහාරය වළක්වා ගැනීමට ප්‍රමාණවත් පියවර නොගත් බවට එල්ල වන මෙම චෝදනා සම්බන්ධයෙන් නෙත් නිවුස් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් ද විමසීමක් කළා. එහි තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල ඊටද ප්‍රතිචාර දැක්වූවා. 

ප්‍රහාරයට ලක් වූ වෙබ් අඩවි ගණන 10ක් පමණ බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.