Wednesday, April 24, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව යුද අපරාධ නොකළ බව විපක්ෂ නායක යළි අවධාරණය කරයි




එල් ටී ටී ඊය පරාජය කළ යුද්ධයේ අවසන් අදියරේදී කිසිදු යුද අපරාධයක් සිදු නොවූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද නැවත අවධාරණය කළා. ඒ, යුද ජයග්‍රහණයේ 10වන සැමරුම වෙනුවෙන් කොළඹ අද පැවැත්වූ විශේෂ දේශනයකදීයි. 

යුද ජයග්‍රහණයට උරදුන් රණවිරුවන් වත්මන් ආණ්ඩුව යටතේ පීඩාවට පත් වූ බවද මෙහිදී සිහිපත් කෙරුණා. එහෙත් අලුතින් මතුව තිබෙන ත්‍රස්ත තර්ජනයෙන් ද රට බේරා ගැනීමට සිටින්නේ එම රණවිරුවන්ම බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. 

එල් ටී ටී ඊයට එරෙහි යුද්ධයේදී දිවි පිදු හා ආබාධිත වූ සියලු රණවිරුවන් නැවතත් ගෞරවයෙන් සිහිපත් කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියා.