Friday, June 21, 2019
Hotline - 0770586666

10 වන යුධ සැමරුම වෙනුවෙන් අමෙරිකාවෙන් නිවේදනයක්

හේමන්ත කහවලගේ

3377Views

 

 

 



ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් කිරීමේ දසවස් පූර්ණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සාමය වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන ඇල්මත්, සාධාරණත්වය සහ සංහිඳියාව වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන කැපවීමත් අගය කරන බවයි එහි දැක්වෙන්නේ.

සිවිල් අයිතිවාසිකම් යටපත් නොකර ප්‍රජාතන්ත්‍රවාදීව ත්‍රස්තවාදයට මුහුණදීමටත් රට වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් හැකියාව තිබෙන බවද මෙමඟින් සිහිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවට සිය සහය තවදුරටත් ලබාදෙන බවයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.