Wednesday, April 17, 2024

General line - 0115112241

කහවත්තෙන් අතුරුදන් වූ දරුවා හම්බන්තොටින් හමුවෙයි

රාහුල් සමන්ත




කහවත්ත වැල්අඳුර ප්‍රදේශයෙන් අතුරුදන්ව සිටි පාසල් සිසුවා අද සොයා ගැණුනා. ඒ, හම්බන්තොට මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින්. 13වන වියේ පසුවන මෙම සිසුවා පෙරේදා පස්වරුවේ සිට අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

විමර්ශනවලින් හෙළිව ඇත්තේ නිවසෙන් පිටව ඔහු බසයක නැඟී ඇඹිලිපිටියට පැමිණ ඇති බවයි. පෙරේදා රාත්‍රිය ඇඹිලිපිටිය බස් නැවතුම්පොලේම ගතකර ඇති ඔහු පසුව කොළඹට පැමිණීම සඳහා බස් රථයකට නැඟ තිබෙනවා. එහි කොන්දොස්තරවරයාට සැක සිතී පාසල් සිසුවා හම්බන්තොට මූලස්ථාන පොලිසියට භාරදී ඇති අතර පසුව පොලිසිය විසින් අද දිනයේ දී ඔහු පියා වෙත භාරදුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. 

මෙම පාසල් සිසුවාගේ මව කාලයක සිට විදෙස්ගතව සිටිනවා. ඇය පවුල පිළිබඳ සොයා නොබලන බවයි පියා පැවසුවේ. පියා නිවසේ නොමැති අවස්ථාවල මාමා තමන්ට තදින් පහරදෙන බවත්, ඒ නිසා නිවසෙන් පිටත්ව ආ බවත් පාසල් සිසුවා ප්‍රකාශ කළා.