Thursday, April 25, 2024

General line - 0115112241

කොළඹ කැසිනෝ මධ්‍යස්ථානයක සිටි පාකිස්ථානු ජාතිකයාගේ ජංගම දුරකතනයේ තිබූ ඡායාරූප නිසා අලුත් සැකයක්

හේමන්ත කහවලගේ




පාස්කු ඉරිදා ප‍්‍රහාරය සිදු කළ ත‍්‍රස්ත කණ්ඩායමට සූදු ක‍්‍රීඩාව හරහා ද මුදල් ලැබී ඇත්දැයි සැක පළව තිබෙනවා.

ඒ අනුව සූදු ක‍්‍රීඩාවේ නිරත වන්නන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද ආරම්භ වී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. ශ‍්‍රී ලංකාවට පැමිණ සූදු ක‍්‍රීඩාවේ නිරත වන විදේශිකයින් පිළිබඳව ද මෙහිදී වැඩි අවධානයක් යොමුව තිබෙනවා.

කොළඹ පිහිටි කැසිනෝ මධ්‍යස්ථානයක සූදු ක‍්‍රීඩාවේ යෙදී සිටි පාකිස්ථාන ජාතිකයෙකුගේ ජංගම දුරකතනයේ තිබී සැක සහිත ඡායාරූප ද හමුවී තිබෙන බවයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ.

ආයුධ සන්නද්ධ සහ යුද පුහුණුව ලබන ඡායාරූප ද ඒ අතර තිබී ඇති බවයි වාර්තා වෙන්නේ. 

මේ හේතුවෙන් සූදු ක‍්‍රීඩාවේ යෙදෙන ඇතැම් ශ‍්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. එලෙස සූදු ක‍්‍රීඩාවේ යෙදෙන ශ‍්‍රී ලාංකිකයින් සූදු ක‍්‍රීඩාව සඳහාම සිංගප්පූරුවට හෝ වෙනත් රටවලට යන බවට ද තොරතුරු ලැබී තිබෙනවා. පාස්කු ඉරිදා ප‍්‍රහාරය සිදු කළ ත‍්‍රස්ත කණ්ඩායම ද එලෙස සූදු ක‍්‍රීඩාවේ යෙදී ඇත්දැයි තොරතුරු සොයා බලනු ඇති.