Friday, April 19, 2024

General line - 0115112241

ඉන්ධන හිගයක් නිසා අඩපණ වූ මැන්චෙස්ටර් ගුවන් තොටුපළ යළි පණ ලබයි

ඩිල්ෂාන් මඩවල - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්ධන හිඟයක් හේතුවෙන් අඩාල වී තිබු එංගලන්තයේ මැන්චෙස්ටර් ගුවන් තොටුපළේ මෙහෙයුම් දැන් යථාවත් කර තිබෙනවා.

පැවති ඉන්ධන හිගය හේතුවෙන් එහි ගුවන් ගමන් 87ක් අවලංගු වී ඇති අතර තවත් ගුවන් ගමන් රැසක් ප‍්‍රමාද වූ බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ගොඩබැස්වූ යානාවල මෙහෙයුම් ද ප‍්‍රමාද වී ඇති අතර පැය 02ක් හෝ 03ක් තරම් දිගු වේලාවක් යානාවල රැදී සිටීමට සිදු වූ බවයි මගීන් පැවසුවේ. කෙසේවෙතත් සියලූ ගුවන් ගමන් දැන් සාමාන්‍ය පරිදි සිදුවන බව මැන්චෙස්ටර් ගුවන් තොටුපළේ පරිපාලකයින් පවසා තිබෙනවා.