Tuesday, March 19, 2024

General line - 0115112241

විදේශීය සංචාරකයින් දඹුල්ලේදී දුන් "දන්සැල" (PHOTOS)

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




ජර්මානු ජාතික සංචාරකයන් පිරිසක් දඹුල්ල විහාර මංසන්ධියේදී වෙසක් උත්සවය සමරමින් සිසිල් බීම දන්ලසැක් පැවැත්වීමේ පුවතක් වාර්තා වනවා. එම සිසිල් බිම දන්සැල ඊයේ (19) සහ අද (20) දිනයේදී පවත්වා තිබෙනවා.

දඹුල්ල විහාර මංසන්ධියේ තරුණ පිරිස සහ ජර්මානු ජාතිකයින් එක්ව මෙය සංවිධානය කර තිබු අතර දන්සැල සදහා සියළු වියදම් එම විදේශිකයින් විසින්ම දරා තිබීමද විශේෂත්වයක්.

ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරය වැඳපුදා ගෙන නැවත ගම්බිම් බලා යන බැතිමතුන් හට සිසිල් බීම ලබා දීම මෙහිදී සිදු කෙරුණු අතර සිසිල් වීම ලබාදෙමින් සියළු දෙනාට එම විදේශිකයින් විසින් සුබ වෙසක් යනුවෙන් සුභ ප්‍රාර්ථනා කරනු ලැබූ බවයි අප නෙත් නිව්ස් වාර්තාකරු සදහන් කර සිටියේ.

මෙම දන්සැල සදහා එක්ව සිටි ජර්මානු ජාතික කාන්තාවක් කියා සිටියේ පසුගිය සති කිහිපයකට පෙර ශ්‍රී ලංකාව තුළ විවිධ ගැටුම්කාරී තත්ත්වයක් පැවතුණ ද මේ වන විට රට තුළ සාමකාමී වාතාවරණයක් පැවතීම නිසා ඔවුන්ට වෙසක් මංගල්‍ය කිසිදු බාධාවකින් තොරව සැමරීමට හැකිවූ බවයි. එමෙන් ම විදේශීය රටවල සංචාරකයින්ට යලිත් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසද ඇය ආරාධනා කර සිටියා.

වාහන වලින් ගමන් කරන අයටද  පයින් ගමන් කරන අයටද කහ පැහැති කොඩි පෙන්වමින් වාහන නවතා මෙම සිසිල් බිම පිරිනැමීම ඔවුන් විසින්ම සිදු කිරීම විශේෂත්වයකි.