Thursday, April 25, 2024

General line - 0115112241

කොදෙව් සුපිරි ක්‍රීඩකයින් දෙදෙනෙකු ලෝක කුසලාන අතිරේක ක්‍රීඩක ලැයිස්තුවට

තරංග රුක්ෂාන් ජයසේකර




එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් දස දෙනෙකුගෙන් යුක්ත අතිරේක ක්‍රීඩක ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. ඒ අතරට සුපිරි ක්‍රීඩකයින් දෙදෙනෙකු වන කිරන් පොලාඞ් සහ ඞ්වේන් බ්‍රාඕ ඇතුළත්ව සිටීම විශේෂත්වයක්. 

බ්‍රාවෝ 2014 වසරින් පසු එක්දින තරගයකදී කොදෙව් කණ්ඩායම නියෝජනය කර නැහැ. සිය රට වෙනුවෙන් පොලාඞ් ද, අවසන් වරට එක්දින තරගයකට ක්‍රීඩා කර ඇත්තේ 2016 වසරේදීයි. කෙසේවෙතත් මෙම ක්‍රීඩකයින් දෙදෙනා ඉකුත් දා නිමා වූ අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 02 නියෝජනය කළ අතර තරගාවලියේදීද කැපී පෙනෙන දක්ෂතා දැක්වුවා.