Thursday, March 28, 2024

General line - 0115112241

පේරාදෙණිය විශ්ව විද්‍යාලය හෙට සිට යළි විවෘත වෙයි

ජේ ඒ එල් ජයසිංහ - මහනුවර




තාවකාලිකව වසා දැමුණු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කටයුතු හෙට (21) සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් බී දිසානායක පැවසුවේ විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තර ආරක්ෂක කටයුතුවලට අමතරව භාහිර ආරක්ෂක කටයුතු සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් දියත් කර ඇති බවයි.

ජංගම පොලිස් මුර සංචාරක යතුරුපැදි ද, විශ්ව විද්‍යාලයේ ආරක්ෂාවට යොදවා ඇති බව උපකුලපතිවරයා සඳහන් කළා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පේරාදෙණිය විශ්ව විද්‍යාලය ඉකුත් අප්‍රේල් 21වනදා වසා දැමුණා. ඒ අනුව හෙට දිනයේ විවෘත වන්නේ වෛද්‍ය, කෘෂිකර්ම සහ ඉංජිනේරු යන පීඨයි. සෙසු පීඨ අනිද්දා දිනයේ සිට විවෘත වනවා.