Saturday, April 20, 2024

General line - 0115112241

වෙසක් සමයේ නිතිවිරෝධිව මත්පැන් අලෙවිකල 754 දෙනෙක් අත්අඩංගුවට




වෙසක් සමය නිමිත්තෙන් ගතවූ දින 03ක කාලය තුළ සුරාබදු වැටලීම් 756ක් සිදු කර තිබෙනවා. එහිදී පුද්ගලයින් 754දෙනෙකු අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළා. මෙම වැටලීම්වලදී රුපියල් දස ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් මත්පැන්, ස්ප්‍රීතු සහ තවත් උපකරණ රැසක් සුරා බදු දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන තිබෙනවා. නීතිවිරෝධී මත්පැන් විකිණීමේ සිද්ධීන් 264ක් අදාළ දින 03 තුළ වාර්තා වූ බවද, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයා ප්‍රකාශ කළා. 

මත්පැන් අලෙවි කළ කුරුණෑගල පැල්ලන්දෙණිය ප්‍රදේශයේ සංචාරක හෝටලයකට සහ නාවුල ප්‍රදේශයේ බීර අලෙවි මධ්‍යස්ථානයකට මුද්‍රා තැබීමට ද පියවර ගැනුණා. දිවයින පුරා සුරාබදු නිලධාරීන් 1200කගේ සහභාගීත්වයෙන් මෙම වැටලීම් සිදු කෙරුණු බව ද ප්‍රකාශ කළා.