Friday, March 29, 2024

General line - 0115112241

අමෙරිකාව සමග ගිවිසුම් අත්සන් කිරීමට ඉඩ දෙන්න එපා : මන්ත්‍රි විමල් විරවංශ ජනපතිගෙන් ඉල්ලයි




ශ්‍රී ලංකා අමෙරිකානු ගිවිසුම හෙවත් “මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්” ගිවිසුම අත්සන් කිරීමට ඉඩ නොදෙන ලෙස ජාතික නිදහස් පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ, ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින්. පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පෙන්වා දෙන්නේ මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට අමෙරිකානු මැදිහත්වීමක් සිදු විය හැකි බවත්, ඒ හරහා ලිබියාව, සිරියාව වැනි රටවලට අත්වූ ඉරණම මෙරටට ද අත්විය හැකි බවයි. 

“මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්” ගිවිසුම හරහා මෙරට තුළ ආයෝජන සංවර්ධන කලාප පිහිටුවීම, ඉඩම් ප්‍රතිසංස්කරණය හා මහා මාර්ග ආදී ව්‍යාපෘති ආවරණය වන බව අදාළ ලිපියේ සඳහන්.  මීට අමතරව ශ්‍රී ලංකාවේ වරායන්, ගුවන් තොටුපළ සහ අභ්‍යන්තර කඳවුරු පිහිටුවීමට අමෙරිකානු හමුදාවට බලය ලැබෙන ගිවිසුමකට ද මේ හරහා ආවරණය ලැබෙන බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ සිදු කරන අමෙරිකානු ව්‍යාපෘති සඳහා එරට හමුදා සහ සිවිල් නිලධාරීන් ද, තානාපති මුක්තිය ලැබෙන ගිවිසුමකට ද අත්සන් තැබීමේ සූදානමක් ඇති බවයි ඔහු පවසන්නේ. එමගින් එම නිලධාරීන්ට නිල ඇඳුම් සහ ආයුධ සන්නද්ධව ශ්‍රි ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ක්‍රියාත්මක වීමට අවසර ලැබෙන බවද අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.