Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දීය නායක කෝලිගෙන් සමාජ මාධ්‍ය ලෝක වාර්තාවක්

තරංග රුක්ෂාන් ජයසේකර




ලොව වැඩිම සමාජ මාධ්‍ය පරිශීලකයින් හිමි ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වීමට ඉන්දීය නායක විරාත් කෝලි සමත්වී තිබෙනවා. ඒ අනුව ඔහුට හිමි මුළු සමාජ මාධ්‍ය පරිශීලකයින් ගණන මිලියන 100ක්. ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ රසිකයින් මිලියන 33.6 ක්ද, ට්විටර් ගිණුමේ මිලියන 29.5 ක පිරිසක් ද සිටින බව නවතම සමීක්ෂණ වාර්තාවල සඳහන්. විරාත් කෝලිගේ ෆේස්බුක් ගිණුමේ සිටින සංඛ්‍යාව මිලියන 37ක්. 

ඉකුත් වසර් ඔහු සිය බිරිඳ වන සුපිරි බොලිවුඞ් නිළි අනුෂ්කා ශර්මා සමග ලබා ගත් ඡායාරූපයක් එම වසරේ වැඩිම පිරිසක් ට්විටර් හරහා සිය කැමැත්ත පළ ඡායාරූපය බවට ද පත්වුණා. 

කෙසේවෙතත් ලෝකයේ වැඩිම සමාජ මාධ්‍ය පරිශීලකයින් හිමි ක්‍රීඩකයා බවට පත්ව ඇත්තේ පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොන්ල්ඩෝයි. ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පමණක් සිටින රසිකයින් සංඛ්‍යාව මිලියන 167ක්.