Wednesday, April 24, 2024

General line - 0115112241

ජනපති නිල කාලය යළි විමසීම නුසුදුසුයි - විශ්ව විද්‍යාල ආචාර්යවරු ජනපතිට ලියයි

තරංග රුක්ෂාන් ජයසේකර




ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිමට අපේක්ෂා කරන්නේ නම් එය කාලෝචිත නොවන බව ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය පවසනවා.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ 2015 වසරේ ජනවාරි 08වනදා සිට වසර 05කින් හෝ ඊට පෙර ජනාධිපතිවරණයක් කැඳවා ජනතාවගේ ඡන්ද අයිතිය ලබා දිය යුතු බවයි. එය ජනාධිපතිවරයාගේ ගෞරවයටත්, රටේ යහපතටත් හේතු වන බව ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය පෙන්වා දෙනවා. 

මේ අතර අද (20) පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් ද අදහස් පළ කළා.