Thursday, April 25, 2024

General line - 0115112241

තායිලන්ත විවෘත මළල ක්‍රීඩා තරගාවලියේදී ලංකාවට පදක්කම් 03ක්

කසුන් කැලුම්




තායිලන්ත විවෘත මළල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගිවන තවත් තරග කිහිපයක් අද (21) පැවැත්වෙනවා. ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවට පදක්කම් 3 ක් හිමි වුණා. කාන්තා මීටර් 400 කඩුළු මතින් දිවීමේ තරගයේදී ශ්‍යාමා දුලානි රන් පදක්කමක් දිනාගත්තා.

කාන්තා දුර පැනීමේ ඉසව්වට සහභාගි වූ සාරංගි සිල්වා ලෝකඩ පදක්කමක් දිනාගත්තා. ඇය වාර්තා කළ දුර මීටර් 6.21ක්. සාරංගි සිල්වාට එම ඉසව්වේ රිදී පදක්කම අහිමි වූයේ මීටර් 0.06 කින්.

මීටර් 400 කඩුළු මතින් දිවීමේ පිරිමි ඉසව්වේදී අසංක රත්නසේකර ලෝකඩ පදක්කමක් දිනාගත්තා. ඒ, තත්පර 52.62ක කාලයක් වාර්තා කරමින්.තායිලන්ත විවෘත මළල ක්‍රීඩා තරගාවලියේ අවසන් දිනය අදයි.