Tuesday, April 23, 2024

General line - 0115112241

පනස් හැවිරිදි නේපාල ජාතිකයෙකු වැඩිම වාර ගණනක් එවරස්ට් තරණය කර ලෝක වාර්තාව තහවුරු කරයි

තරංග රුක්ෂාන් ජයසේකර




එවරස්ට් කන්ද වැඩිම වාර ගණනක් තරණය කළ පුද්ගලයාට හිමි ලෝක වාර්තාව තවදුරටත් තහවුරු කිරීමට නේපාලයේ කඳු නගින්නෙකු වන කැමී රිටා ෂෙර්පා සමත් වී තිබෙනවා. ඒ, අවස්ථා 24 කදී එවරස්ට් කන්ද සාර්ථකව තරණය කරමින්.

පනස් වන වියේ පසුවන ඔහු ගතවූ දින 7 ක කාලය තුළ දෙවරක් එවරස්ට් තරණය කිරීමද විශේෂත්වයක්. ඔහු පළමු වරට එවරස්ට් කන්ද තරණය කර ඇත්තේ 1994 වසරේදීයි. ලෝකයේ උසම කන්ද වන එවරස්ට් කන්ද අඩි 29,029 ක උසකින් යුක්ත වනවා.