Saturday, April 20, 2024

General line - 0115112241

ස්කොට්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්

ඩිල්ෂාන් මඩවල




ස්කොට්ලන්තය සමඟ එඩින්බර්ග්හි දැන් පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගයේදී සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා. ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ නායක දිමුත් කරුණාරත්න සහ අවිශ්ක ප්‍රනාන්දුයි. පන්දුවාර 19ක් අවසානයේ ඔවුන් කිසිවෙකු නොදැවී ලකුණු 103ක් ලබාගෙන සිටියා. අවිෂ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 59යි. දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 35ක් ලබාගෙන සිටිනවා. 

මේ අතර අවිෂ්ක ප්‍රනාන්දු අද රැස්කර ගත්තේ ඔහුගේ පළමු ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකයයි.