Wednesday, April 24, 2024

General line - 0115112241

පාසල් වලට CCTV කැමරා පද්ධති ලබා දෙන්න - මන්ත්‍රි බන්දුල ගුණවර්ධන

කසුන් කැළුම්




පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සිදු වූ ආර්ථික කඩා වැටීමෙන් පීඩාවට පත්වූවන්ගේ මැසිවිලි භාර ගැනීම සඳහා දුක්ගන්නාරාළ කෙනෙකු පත් කරන්නැයි ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවෙන් අද ඉල්ලීමක් කළා. ඔවුන් මෙම ඉල්ලීම කළේ සිදු වූ ආර්ථික කඩා වැටීම හේතුවෙන් ඇතැම් පිරිස්වල රැකියා පවා අවදානමට ලක්ව ඇතැයි ද පෙන්වා දෙමින්. 

මේ, ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන. 

රටපුරා පාසල්වලට විද්‍යුත් ආරක්ෂක උපකරණ කඩිනමින් ලබාදීමට ද ආණ්ඩුව මැදිහත් විය යුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

උසස් පෙළ දරුවන්ට ටැබ් පරිගණක ලබාදීමට වෙන් කළ මුදල් පාසල්වලට මෙම විද්‍යුත් ආරක්ෂක උපකරණ ලබාදීමට යොදාගත හැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ. ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය කොළඹ අද පැවැත්වු මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කෙරුණා.