Friday, April 19, 2024

General line - 0115112241

බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයේ තාක්ෂණික ගැටළු - කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී කියයි

සමන්ත කුමාර




අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ තාක්ෂණික දෝෂ පවතින බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද (21) පාර්ලිමේන්තු ප්‍රකාශ කළා. ඒ, පාර්ලිමේන්තු ශෙහාන් සේමසිංහ නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද මෙහිදී අදහස් දැක්වූවා. ඔහු කියා සිටියේ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය මඟ හැරීම සඳහා ආණ්ඩුව මේ වනවිට විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි. 

මේ අතර අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහි ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව මෙන්ම ආණ්ඩුවට එරෙහි ජනතා විමුක්ති පෙරමුණේ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ද අද දිනයේ විවිධ අදහස් පළ වුණා. මේ, මහනුවර පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ මුලින් විවාදයට ගත යුත්තේ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව බවයි. 

කෙසේවෙතත් අමාත්‍ය පාඨලී චම්පික රණවක ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.