Thursday, March 28, 2024

General line - 0115112241

පාස්කු ඉරිදා ප්‍රහාරකයින් සමඟ සමීප සබඳතා පැවැත්වූ අයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයට




පාස්කු ඉරිදා ප්‍රහාරයේ ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් මොහොමඞ් බසීර් මොහොමඞ් ෆස්හාන්, වැඩිදුර විමර්ශන සඳහා අද (21) ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාරදෙනු ලැබුවා. අලුත්ගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් දර්ගා නගරය ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් අප්‍රේල් මස 27 වනදායි.

ඔහු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදු කළ අතර විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ මෙම සැකකරු, මොහොමඞ් සහරාන් නමැති මරාගෙන මැරුනු බෝම්බකරු සමඟ සමීප සබඳතාවක් පවත්වා ඇති බවයි. ඒ අනුවයි වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහු අද අද ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාරදී ඇත්තේ.