Thursday, April 25, 2024

General line - 0115112241

ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් ජනපති ලේකම් කාර්යාලය වාර්තාවක් කැඳවයි

නිශාන් ද සිල්වා




වසර 06 ක කාලයක් සදහා සිර දඬුවම් නියමවී සිටින බොදුබල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් අද (21) වාර්තාවක් කැඳවා ඇති බව වාර්තා වනවා.

ඥාණසාර හිමියන්ගේ සිරදඬුවම හා කාලය, දැනට ගෙවා ඇති කාලසීමාව සම්බන්ධයෙන් හා බන්ධනාගාරය තුළ ඥාණසාර හිමියන්ගේ හැසිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් වන සමාලෝචන වාර්තාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත අද සවස යවා ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති ලේකම් කාර්යාලයට යවනු ලැබූ එම වාර්තාවේ පිටපතක් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයටද යවා ඇති බව සදහන්.

අධිකරණයට අපහාස කිරීම ඇතුළුව චෝදනා 4 කට වරදකරුවීම හේතුවෙන් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසර 19 ක සිරඳඬුවමක් වසර 6 කින් ගෙවීයන පරිදී අධිකරණයෙන් නියම කරනු ලැබුවේ ඉකුත් වසරේ අගෝස්තු මස 08 වෙනිදාය.