Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට ජය




ස්කොට්ලන්තය සමග ඊයේ (21) පැවති එක්දින ක‍්‍රිකට් තරගය ඩක්වර්ත් සහ ලූවිස් න්‍යාය යටතේ ලකුණු 35කින් ජය ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලූ 08ක් දැවී ලකුණු 322ක් ලබා ගත්තා. වර්ෂාවෙන් සිදු වූ බාධා නිසා ස්කොට්ලන්ත කණ්ඩායමේ පිළිතුරු ඉණිම පන්දුවාර 34කට සීමා කෙරුණු අතර ඩක්වර්ත් සහ ලූවිස් න්‍යාය යටතේ ඔවුන්ට හිමි වූ ඉලක්කය ලකුණු 235ක්.

කෙසේවෙතත් පන්දුවාර 33යි පන්දු 02ක දී ඔවුන් ලකුණු 199කට සියලූ දෙනා දැවී ගියා. 

2019 වසරේදී ශ‍්‍රී ලංකාව ලබාගත් පළමු එක්දින ක‍්‍රිකට් ජයග‍්‍රහණය ද මෙයයි. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් ශ‍්‍රී ලංකාව සහභාගී වූ පළමු එක්දින ක‍්‍රිකට් තරගය ද මෙය වනවා. ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට පෙර ශ‍්‍රී ලංකාව සහභාගී වූ අවසන් ජාත්‍යන්තර එක්දින ක‍්‍රිකට් තරගය ද මෙයයි.