Friday, March 29, 2024

General line - 0115112241

මිනුවන්ගොඩ සිද්ධියට අදාළව මධුමාධව ගමන්ගත් බව කියන වාහනයක් පොලිස් භාරයට

නිශාන් ද සිල්වා/දිල්ශාන් තුෂාර




මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ ඉකුත්දා ඇති වූ නොසන්සුන්තා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව මධුමාධව අරවින්ද ඇතුළු පිරිසක් ගමන් කළ බවට සැක කෙරෙන වාහනයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කිරිල්ලවල වෑබඩ ප‍්‍රදේශයේ නිවසකදී මෙම වාහනය පොලිස් භාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ.  එහි අංකය H J 4747 බවද පොලිසිය පවසනවා.  

වාහනයේ හිමිකරු ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. 

මේ සම්බන්ධයෙන් විමසීමට මධුමාධව අරවින්ද ද දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට නෙත් නිවුස් උත්සහ කළා. එහෙත් එම උත්සහය සාර්ථක වූයේ නැහැ.