Friday, March 29, 2024

General line - 0115112241

පිට පිටම 04වන මාසයටත් උද්ධමනය වැඩි වෙයි




පිට පිටම 04වන මාසයටත් උද්ධමනය වැඩි වී තිබෙනවා.

උද්ධමනය ලෙස සැලකෙන්නේ බඩු මිල ඉහළ යාමේ වේගයයි.

මාර්තු මාසයේ දී එහි අගය සියයට 2.9ක් වූ අතර අපේ‍්‍රල් මාසයේ දී එය සියයට 3.6ක් දක්වා වැඩි වී තිබෙනවා. 

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ ආහාර කාණ්ඩයේ උද්ධමනය වැඩිවීම සඳහා එළවළු, කිරිපිටි, මාළු, බිත්තර, කුකුළු මස් හා පොල් තෙල් යන ද්‍රව්‍යවල මිල වැඩිවීම හේතු වී ඇති බවයි.

කෙසේවෙතත් සහල් සහ පොල් වැනි ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අපේ‍්‍රල් මාසයේ දී අඩු වූ බවද ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. 

ආහාර නොවන කාණ්ඩයේ වියදම් වැඩිවීමට හේතු වී ඇත්තේ වාහන මිලදී ගැනීම, ඉන්ධන මිල සහ ගුවන් ගමන් ගාස්තු ද ඇතුළත් ප‍්‍රවාහන වියදම්, රෙදිපිළි හා පාවහන් මිල ද, සෞඛ්‍ය වියදම් ද වැඩි වී තිබීමයි.