Thursday, April 25, 2024

General line - 0115112241

"අත්සන් කිරීමට යන බව කියන ගිවිසුම ගැන ඒකාබද්ධ විපක්ෂය දැඩි අවධානයෙන් ලු"

ඩිල්ෂාන් මඩවල/ දිල්ශාන් තුෂාර/සමන්ත කුමාර




ශ‍්‍රී ලංකාව අමෙරිකාව සමග අත්සන් කිරීමට සූදානම් වන බව කියන ආරක්ෂක ගිවිසුම පිළිබඳව ද ඒකාබද්ධ විපක්ෂයේ දැඩි අවධානය යොමුව තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර පැවසුවේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ (21) රැස් වූ අවස්ථාවේ ද ඒ පිළිබඳ සාකච්ඡා කෙරුණු බවයි. 

අදාළ ආරක්ෂක ගිවිසුම සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවේ දී ප‍්‍රශ්න කළ බවද අග‍්‍රාමාත්‍යවරයා ඊට පිළිතුරු ලබාදෙන බව කීවත් ප‍්‍රමාණවත් පිළිතුරක් නොලැබුණු බවද වාසුදේව නානායක්කාර මන්ත‍්‍රීවරයා මෙහිදී කියා සිටියා. 

අමෙරිකාව සමග ශ‍්‍රී ලංකාව අත්සන් කිරීමට සූදානම් වන බව කියන ආරක්ෂක ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (21) සංවාද ඇති වුණා.

ඒ අළලා නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු සකස් කළ වාර්තාවක් පහතින් දැක්වෙයි.