Saturday, April 20, 2024

General line - 0115112241

චීනය සමග වෙළඳ යුද්ධය නතර කරන්නැයි මහා පරිමාණ ව්‍යාපාර 173ක් හවුල් වී ට්‍රම්ප්ගෙන් ඉල්ලයි

ඩිල්ෂාන් මඩවල - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




චීනය සමග ඇති වෙළඳ යුද්ධය නතර කර දමන්නැයි මහා පරිමාණ ව්‍යාපාර කිහිපයක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙම වෙළඳ යුද්ධය තවදුරටත් පැවතුණහොත් අවසානයේ දී එයින් බලපෑමට ලක්වන්නේ පාරිභෝගිකයින් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

මහා පරිමාණ ව්‍යාපාර 173ක් මෙම ඉල්ලීමට හවුල්කරුවන් වී තිබෙනවා.

ලොව ප‍්‍රකට නයික් සහ අඩිඩාස් සමාගම් ද ඒ අතර වන බවයි විදෙස් වාර්තා පවසන්නේ. චීන - අමෙරිකා වෙළඳ යුද්ධය නිසා සිදුවන අධික බදු පැනවීම් ව්‍යාපාර කඩා වැටීමට ද හේතුවනු ඇතැයි ඔවුන් පෙන්වා දී තිබෙනවා.