Wednesday, April 24, 2024

General line - 0115112241

වීථි නාම පුවරු "සිංහල-දෙමළ-ඉංග්‍රීසි" භාෂාවලින් පමණයි




දිවයිනේ ඇති සියළුම වීථි නාම පුවරු සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් පමණක් සමන්විත විය යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන වෙත මෙම උපදෙස් ලබා දී ඇති බවයි රජයේ පුවත් ආරංචි මාර්ග සඳහන් කළේ.

සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා හැර වෙනත් භාෂාවලින් කිසිදු වීථි නාම පුවරුවක් නම් නොකළ යුතු බව එහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇති බවත් සඳහන්.