Friday, April 19, 2024

General line - 0115112241

ට‍්‍රැවල් නෙත් මාතර ශාඛාව විවෘත කරයි (PHOTOS)




අසිරිමත් බුද්ධ දේශය නෙත් පුරා දැක පහන් සිත් පෙරදැරිව වන්දනා කිරීමට මෙරට බෞද්ධ ජනතාවට අවස්ථාව සලසා දුන් ට‍්‍රැවල් නෙත් ආයතනයට වසර 02ක් සම්පූර්ණ වනවා.

ඊට සමගාමීව ට‍්‍රැවල් නෙත් ආයතනයේ මාතර ශාඛාව අද (23) විවෘත කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

ඒ පිළිබඳ පැහැදිලි කළ ට‍්‍රැවල් නෙත් ආයතනයේ අධ්‍යක්‍ෂ සුරංග රංජිත් කියා සිටියේ මෙම නව ශාඛාව හේතුවෙන් දකුණු පළාතේ ජනතාවට අසිරිමත් බුද්ධ දේශය නෙත් පුරා දැක පහන් සිත් පෙරදැරිව වන්දනා කිරීමට අවස්ථාවක් උදා වෙන බවයි. ඊට අවශ්‍ය සියලුම කටයුතු ඉතා පහසුවෙන් සහ කඩිනමින් සිදු කිරීමටද ට‍්‍රැවල් නෙත් ආයතනය හා සම්බන්ධවීමෙන් අවස්ථාව උදා වන බවද පෙන්වා දුන්නා.

මෙරට වන්දනා චාරිකා ක්ෂේත‍්‍රය තුළ ඉතා කෙටි කලක් ඇතුළත කැපී පෙනෙන ගුණාත්මක සංවර්ධනයකට පෙරමුණ ගත් ට‍්‍රැවල් නෙත් ආයතනයට ඉකුත් වසරේ පැවති මාස්කෝ සම්මාන උළලේදී රන් සම්මානයක් ද හිමි වුණා. ට‍්‍රැවල් නෙත් ආයතනය බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලියාපදිංචි ආයතනයක් ද වනවා. දඹදිව වන්දනාවට අමතරව තායිලන්ත සහ මැලේසියා සංචාර ද ට‍්‍රැවල් නෙත් ආයතනය විසින් සංවිධාන කරනු ලබනවා.