Wednesday, April 24, 2024

General line - 0115112241

තිලාන් සමරවීර සියලු ගිවිසුම්වලින් ඉවතට

කසුන් කැළුම්




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඉහළ දක්ෂතා වර්ධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක තිලාන් සමරවීර එම ආයතනය සමග පවතින සියලු ගිවිසුම්වලින් ඉවත් වී තිබෙනවා.

ඒ, සිය ඉල්ලා අස්වීමේ ලිපියද කි‍්‍රකට් ආයතනය වෙත භාර දෙමින්.

අදාළ ලිපියට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුවේ අනුමැතිය හිමිව ඇති අතර මාස 3ක වැටුප් ද ලබා දෙමින් ඔහු සියලූ ගිවිසුම්වලින් නිදහස් කිරීමටයි ශී‍්‍ර ලංකා කි‍්‍ර‍කට් ආයතනය පියවර ගෙන ඇත්තේ.

තිලාන් සමරවීර ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ධුරයෙන් ඉවත් කෙරුණේ ඉකුත් දෙසැම්බර් මාසයේදීයි. කෙසේවෙතත් තිලාන් සමරවීර, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සියලූ ගිවිසුම්වලින් ඉවත්වීමට තීරණය කර ඇත්තේ පෞද්ගලික හේතුවත් මත බවයි වාර්තා වන්නේ.