Thursday, April 25, 2024

General line - 0115112241

අගමැති සති 02ක් ඇතුළත වාර්තාව ඉල්ලයි

හේමන්ත කහවලගේ




අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අතුරු වාර්තාව සති 02ක් ඇතුළත ලබාදෙන ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප‍්‍රහාරයට අදාළ කරුණු සහ රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහි චෝදනා පිළිබඳ සොයා බැලීමටයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඊයේ පත් කළේ. එය සාමාජිකයින් 40 දෙනෙකුගෙන් සමන්විතයි.

මේ අතර අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අද පැවති පක්ෂ නායක රැස්වීම කිසිදු එකගතාවකින් තොරව අවසන් වී ඇති බව වාර්තා වනවා. විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට ආණ්ඩු පක්ෂය ලබාදුන් දිනවලට විපක්ෂයේ නියෝජිතයින් අකමැත්ත පළ කිරීම ඊට හේතුවයි.