Friday, April 26, 2024

General line - 0115112241

"මුස්ලිම්-කතෝලික-හින්දු අය වහාම ඉස්සරහට එන්න ඕනේ" - අමිල හිමි

ලහිරු කපුගේ




ශ‍්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බවත්, එය ශ‍්‍රී ලාංකිකයින්ගේ රටක් බවත් අමාත්‍ය මංගල සමරවීර සිදු කළ ප‍්‍රකාශය සත්‍ය බව පූජ්‍ය දඹර අමිල හිමියන් පවසනවා.

ඒ, ඊයේ (22) පැවති උත්සවයකදීයි. 

එහිදී "විශේෂයෙන්ම මුස්ලිම්, කතෝලික, හින්දු අය වහාම ඉස්සරහට එන්න ඕනේ. වැඩි වේගයකින් එන්න ඕනේ. අනන්‍යතාවයන් නැති කරන්න දෙන්න එපා කියන එක මම ඒ අයගෙනුත් ඉල්ලනවා. මංගල සමරවීර ඇමතිතුමා ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවේ කියලා කිව්ව එක...සමහරු කියනවා ඒක කිව්ව වෙලාව අවුල් කියලා. ඇත්තනම් ඕන වෙලාවක කියන්න පුළුවන් වෙන්න ඕනේ. "

කෙසේවෙතත් ශ‍්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බවට සිදු කරන ප‍්‍රකාශ කිසිදු පදනමක් නොමැති ප‍්‍රකාශ බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසුවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ එවැනි මාතෘකාවක් පිළිබඳ සාකච්ඡා කිරීම පවා අනවශ්‍ය බවයි. 

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙම අදහස් පළ කළේ ඊයේ (22) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

 

(ඊයේ (22) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහන පහතින් දැක්වෙයි)