Wednesday, April 24, 2024

General line - 0115112241

වඳ සැත්කම් සිද්ධිය ගැන පොලිසිය පරීක්ෂණ අරඹයි

තරංග රුක්ෂාන්/ ලහිරු කපුගේ




සිසේරියන් සැත්කම්වලින් පසුව තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයෙකු සිංහල බෞද්ධ මව්වරුන් පිරිසකට වන්ද්‍යකරණ සැත්කම් සිදු කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක‍්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

අදාළ වාර්තාවලින් වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබුණේ විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප‍්‍රකාශ කළේ.